අද පැවති 2023 එක්දින පිරිමි ලෝක කුසලාන තරඟවලියේ අවසන් මහා තරඟයේ දී ලෝක කුසලානය තමා සතු කර ගැනීමට ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.
මීට පෙර 1987,1999,2003,2007 සහ 2015 යන වර්ෂවලදී ඕස්ට්‍රේලියාව විසින් ලෝක කුසලානය දිනා ගත් අතර අද ඔවුන් තමා සතු කර ගත්තේ සිය හයවැනි ලෝක කුසලානයයි.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලබාදුන් ලකුණු 241ක ඉලක්කය, ඔස්ට්‍රේලියා කණ්ඩායම විසින් පන්දුවාර 43කදී කඩුලු 4ක් පමණක් දැවී පසු කර යෑමට සමත් වුණා.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ් පන්දු 120කදී ලකුණු 137ක් රැස්කළ ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 15ක් ඇතුළත් වුණා.
එසේම ඕස්ට්‍රේලියාවේ මානස් ලබුශේන් ද හතරේ පහර 4ක් සමඟින් පන්දු 110කදී ලකුණු 58ක් රැස් කර ගනු ලැබුවා.


