පළාත් හතරකට තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

මධ්‍යම, සබරගමුව, වයඹ සහ ඌව යන පළාත්වල ඇතැම් ස්ථානවලට අද පස්වරුවේ මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ එමෙන්ම බස්නාහිර, නැගෙනහිර, උතුර, උතුරුමැද, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බවයි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැක.

අකුණු මගින් සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා ආරක්‍ෂිත පියවර අනුගමනය කරන ලෙස දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා