වසර 10කට ආසන්න කාලයකට පසු මහපොළ වෙළඳ ප්‍රදර්ශනය නැවත වරක් පවත්වන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.
මහපොළ අරමුදලට තවත් මුදල් වැඩි කර ගැනීමේ අරමුණින් මෙලෙස මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඒ අනුව මහපොළ අධ්‍යාපනික වෙළෙඳ ප්‍රදර්ශනය ලබන දෙසැම්බර් මස 13 වැනිදා සිට 17වැනිදා දක්වා ජාඇල නගර සභා ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

