දකුණු දිග පිලිපීනයේ භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.
කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 6.7ක ප්‍රබලත්වයකින් යුතු බවයි අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරන්නේ.
එය කිලෝමීටර 10ක් පමණ ගැඹුරින් සහ පිලිපීනයේ දකුණු කෙළවරේ සිට කිලෝමීටර 26ක් ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු වී තිබෙනවා.
භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානම් නිවේදන නිකුත් කර නොමැති බව වාර්තා වෙනවා.
එසේම කම්පනය හේතුවෙන් සිදු වුණු ජිවිත හා දේපල හානි පිළිබඳව වාර්තා වී නොමැති අතර හානි සිදුවීමේ අඩු සම්භාවිතාවයක් ද පවතින බවයි භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වා දෙන්නේ.

