නොරොච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය බිඳ වැටෙයි

නොරොච්චෝලේ තාප බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ අධි පීඩක හීටර් පද්ධතියේ ඇති වූ හදිසි බිඳවැටීම හේතුවෙන් අදාළ ජනන යන්ත්‍රය අද රාත්‍රියේ සිට ක්‍රියා විරහිත කිරීමට සිදු වී තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙම බිඳවැටීම යථාතත්ත්වයට පත්කිරීම සදහා අවශ්‍ය මුලික කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි.

එසේම මෙම බලාගාරයේ තෙවන ජනන යන්ත්‍රයේ නඩත්තු කටයුතු අවසන් කර ඇති අතර, මේ වනවිට එහි පරීක්ෂණ ධාවන සිදුකරනු ලැබෙනවා.

ඒ අනුව මෙම තෙවන ජනන යන්ත්‍රය ඉතා ඉක්මනින් විදුලිය නිෂ්පාදනය සඳහා යොමුකිරීමට හැකි බවයි ලංකා විදුලිබල මණ්ඩලය පෙන්වා දෙන්නේ.

ජනන යන්ත්‍රය අඩාල වීම හේතුවෙන් විදුලිබල සැපයුමට බාධාවක් නොවන අතර, මෙම නඩත්තු කාලය තුළ උපරිම ලෙස ජල විදුලි නිෂ්පාදනය සිදුකරමින් අඛණ්ඩව විදුලිය සැපයීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කරන බව දැනුම් දෙනවා