ශිෂ්‍යත්ව ප්‍රතිඵල මේ සතිඅන්තයේ

2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ සති අන්තයේ නිකුත් කිරීමට හැකියාවක් පවතින බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ප්‍රතිඵල නිකුත් කිරීමට අදාළව අවසන් අදියරේ කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතින බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසන්නේ.

මෙවර විභාගය පසුගිය ඔක්තෝම්බර් 15 වන දින පැවැත්වූ අතර සිසුන් තුන් ලක්ෂ තිස්හත්දහස් පන්සිය අනුඑකක් විභාගය සඳහා පෙනී සිටියා.