දිස්ත්‍රික් ලේකම්වරුන්ට නව තනතුරක්

සුබසාධන ප්‍රතිලාභ පනතේ අරමුණු ක්‍රියාත්මක කිරීම සදහා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, අතිරේක සුබසාධක කොමසාරිස්වරුන් ලෙස පත් කිරිමට පියවර ගෙන තිබෙනවා.

මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත් කිරීම් නොවැම්බර් මස පළමු දින සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කර තිබෙනවා.

මෙම අතිරේක සුබසාධක කොමසාරිස්වරුන් හා නියෝජ්‍ය සුබසාධක කොමසාරිස්වරුන් සඳහා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් රාජකාරි පැවරීම ඉදිරියේ දී සිදු කරනු ඇත.