පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නායක බාබර් අසාම් එම තනතුරෙන් ඉල්ලා අස වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔහු පාකිස්තාන ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් වල නායකත්වයෙන් ඉවත් වී තිබෙනවා.
ඔහු x පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ මෙම තීරණය අසීරු තීරණයක් වුණත් මෙය එයට නිවැරදි අවස්තාව ලෙස තමන් දකිනා බවයි.
එසේම ඔහු ඉදිරියේ දී ද පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් තුන් ඉරියව්වෙන්ම ක්‍රීඩා කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.


