දේශීය ආයෝජකයින් පිරිසක් විසින් අපනයනය ඉලක්ක කර ගනිමින් ඉදිරිපත් කරන ලද ස්ට්‍රෝබෙරි වගා කිරීමේ ව්‍යාපෘතියක් සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව තිබෙනවා.
මෙම නව ව්‍යාපෘතිය සඳහා නුවරඑළියේ ඇති කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ඉඩම් වලින් හෙක්ටෙයාර් එකක් පළමු අදියර යටතේ ලබා දීමට එකඟ වී ඇති අතර ව්‍යාපෘතියේ සාර්ථකත්වය අනුව අවශ්‍ය වුවහොත් හෙක්ටෙයාර් 10ක් දක්වා එය ඉහළ දැමිය හැකි බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ.
නව තාක්ෂණය යොදා ගැනීම මගින් ස්ට්‍රොබෙරි වගා කළහොත් වසරකට හෙක්ටෙයාර් එකකින් ඇමරිකන් ඩොලර් 117,600 ආදායමක් උපයා ගැනිමේ හැකියාවක් පවතිනවා.
හෙක්ටයාර් එකකින් කිලෝ 120,000ක අස්වැන්නක් ලබා ගැනීමට හැකියාව පවතින අතර හෙක්ටයාර් එකක් වගා කිරීම සඳහා ආයෝජනය කරන මුදල රුපියල් මිලියන 250ක් වන බවද අමාත්‍යාංශය පවසනවා.
ස්ට්‍රෝබෙරි අපනයනය කරන රටවල් අතර ශ්‍රී ලංකාවට හිමිවී තිබෙන්නේ 57වන ස්ථානයයි.

