ඉන්දියන් සාගරයේ භූ කම්පනයක්

ශ්‍රී ලංකාවට ගිණිකොන දිගින් එනම් ගාල්ලට දකුණින් වූ ඉන්දියන් සාගරයේ භූමිකම්පනයක් හට ගෙන තිබෙනවා.

අද දහවල් 12.30 ට පමණ හට ගෙන ඇති මෙම කම්පනය රික්ටර් මාපකයේ 6.1ක ප්‍රබලත්වයකින් යුතු වනවා.

එය මුහුදේ සිට කිලෝමීටර 10ක ගැඹුරින් සිදු වී ඇති බවයි වාර්තා වෙන්නේ.

භූ විද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශය සඳහන් කර ඇත්තේ කම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට බලපැමක් ඇති නොවන බවයි.