ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද පස්වරුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා.
2022 ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සිදුකළ දූෂණ හා අක්‍රමිකතා පිළිබද විගණන වාර්තාවෙන් අනාවරණ වූ කරුණු සම්බන්ධයෙන් මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලකයන්ගෙන් කරුණු විමසනු ඇති බවයි එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර සඳහන් කළේ.
මේ සඳහා කෝප් කමිටුවේ සියලු සාමාජිකයින් රැස්වනු ඇති බවයි වාර්තා වන්නේ.

