2024 සඳහා අයවැය යෝජනාවලිය ඊයේ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
එහි 2024 සඳහා අදායම් ලෙස රුපියල් බිලියන 6,978ක් ලැබෙතැයි ඇස්තමේන්තු කරන බව දක්වා ඇති අතර 2024 වසරේ වියදම ලෙස රුපියල් බිලියන 4,127ක් ඇස්තමේන්තු කර තිබෙනවා.
ඒ අනුව අයවැය පරතරය රුපියල් බිලියන 2,851ක් වනවා.
එය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 9.1%ක අගයක් ගනු ලබනවා.
බැංකු ප්රති ප්රාග්ධනීකරණය සඳහා අයවැය මගින් වෙන්කර ඇති රුපියල් බිලියන 450, වියදමක් ලෙස දක්වා ඇති අතර අයවැය පරතරය 9.1%ක් වී ඇත්තේ එම අගයත් සමගය.
මේ අතර අයවැය දෙවන වර කියවීමේ විවාදය අද දිනයේ සිදු කිරීමට නියමිතයි.

