දිවයිනට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ මෙරට ජලවිදුලි නිෂ්පාදනය 58% දක්වා ඉහළ ගොස් ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරනවා.
මේ වන විට ජලවිදුලි බලාගාර ආශ්රිත ජලාශවල ධාරිතාව 84% ඉක්මවා ගොස් තිබෙන බවයි ඔවුන් පවසන්නේ.
ඒ අනුව විදුලි නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා තාප විදුලි බලාගාරවල දායකත්වය මේ වන විට අවම වී ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා ප්‍රකාශ කළේ.

