ඩෙංගු රෝගීන් ගණන 7,000 ඉක්මවයි

2023 වසර තුළ පමණක් මෙරටින් වාර්තා වුණු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 7,000 ඉක්මන්වා ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය ඔක්තොම්බර් මාසයේ දී පමණක් ඩෙංගු රෝගීන් 2,300කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි.

එයින් වැඩි ප්‍රතිශතයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

මීට අමතරව ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, හම්බන්තොට, මාතර, මන්නාරම ආදී දිස්ත්‍රික්කවලින්ද වැඩි ප්‍රමාණයක් රෝගීන් වාර්තා වී ඇති බවයි ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.