ළදරුවන් සහ කාන්තාවන් ඝාතනය කිරීම නවතන්න – ප්‍රංශ ජනපති

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ ළදරුවන් සහ කාන්තාවන් ඝාතනය කිරීම වහාම නැවැත්විය යුතු බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් BBC වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබෙනවා.

Élysée මාලිගාවේ පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ කිසිසේත්ම බෝම්බ ප්‍රහාර සාධාරණීකරණය කළ නොහැකි බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ ත්‍රස්තවාදී ප්‍රහාර වලට එරෙහිව ඊශ්‍රාලය විසින් තම රට ආරක්ෂා කර ගත යුතු බව තමන් පිළිගන්නා වුවත්, මෙලෙස බොහෝ මිනිසුන් සංඛ්‍යාව ඝාතනය කිරීම සුදුසු නොවන බවයි.

ප්‍රංශ ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට පිළිතුරු දෙමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ හමාස් සංවිධානය විසින් ඔක්තෝම්බර් 7 වන දා ඊශ්‍රායලයේ සිදු කළ ප්‍රහාරය ඉදිරියේ දී ප්‍රංශය, ඇමරිකාව ආදී ලෝකයේ ඕනෑම තැනක සිදු විය හැකි බවයි.