රුපියල් මිලියන 198 ක මුදලක් හිඟ සුරාබදු ලෙස මේ වන විට ලැබී ඇති බව ක්රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.
පසුගියදා තිබූ කාරක සභා රැස්වීමට සහභාගීවූ සුරාබදු නිලධාරීන් පැවසුවේ මත්පැන් සමාගම් 5කින් රුපියල් බිලියන 1.1ක මුදලක් හිඟ බදු ලෙස ලැබීමට තිබූ බවයි.
ඉන් මේ වන විට රුපියල් මිලියන 198ක මුදලක් ගෙවා ඇති බවත් ඉතිරි හිඟ මුදල් මෙම වසර නිමවීමට පෙර ගෙවා අවසන් කිරීමටද පොරොන්දු වී ඇති බවත් සුරාබදු නිලධාරීන් සඳහන් කර තිබෙනවා.

