ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්රයේ සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීම සඳහා ලෝක බැංකුව විසින් තවත් ඩොලර් මිලියන 150ක් අනුමත කර තිබෙනවා.
ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා අධ්යක්ෂ පැරිස් හේඩඩ් සර්වෝස් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට ශක්තිමත් මූල්‍ය ආරක්ෂණ ජාලයක් අවශ්‍ය බවයි.
ඒ සඳහා ආර්ථික, ව්‍යාපාර සහ පුද්ගල, කුඩා ව්‍යාපාර හා දිළිඳු පවුල් සඳහා විශ්වාසදායී සහ ස්ථාවර බැංකු අංශයක් අත්‍යවශ්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඒ අනුව ශක්තිමත් තැන්පතු ආරක්ෂණ ජාලයක් හරහා ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන කාන්තාවන් ඇතුළු පුද්ගලයන් සහ කුඩා තැන්පතුකරුවන්ගේ තැන්පතු ආරක්ෂා කරගැනීමට හැකිවන බව හෙතෙම සඳහන් කරනවා.
පහත දැක්වෙන්නේ අදාළ ආධාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන ලද නිවේදනයයි.


