සිවිල් වැසියන්ට ආරක්ෂිත ස්ථාන වලට පලා යෑම සඳහා දිනකට පැය 04ක සටන් විරාමයක් දියත් කිරීමට ඊශ්‍රාලය එකඟ වී තිබෙනවා.
ඇමරිකානු ජනපති ජෝ බයිඩන් සඳහන් කරන්නේ එය නිවැරදි දිශාවලට තබන ලද පියවරක් බවත්, පලස්තීන ජනතාවගේ හිමිකම් වෙනුවෙන් තමන් තවදුරටත් පෙනී සිටිනා බවත් ය.
මේ අතර උතුරු ගාසා තීරයට එල්ල කරන ඊශ්‍රායල ප්‍රහාර වඩාත් තීව්ර වෙමින් පවතින අතර එහි ප්‍රධාන රෝහල් දෙකක් අසල විශාල ගැටුම් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.
ගාසා තීරයේ සෞඛ්‍ය අංශවල නවතම වාර්තා වලට අනුව මේ වන විට ගාසා තීරයේ 10,800 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර, ඉන් 4,400 කට වැඩි සංඛ්‍යාවක් ළමුන් වනවා.
හමාස් සමඟ යුද්ධය අවසන් වීමෙන් පසු ගාසා තීරය යටත් කර ගැනීමට හෝ එහි පාලන බලය අල්ලා ගැනීමට ඊශ්‍රායලය උත්සාහ නොකරන බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

