කොළඹ වරාය සංවර්ධනයට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 553ක ආධාරයක්

කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 553 ක ආයෝජනයක් සිදුකරන බව මෙරටට පැමිණ සිටින එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරි ස්කොට් නේතන් ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය පැවසුවේ මෙම සංවර්ධන ව්‍යාපෘතිය දකුණු ආසියානු කලාපය සඳහා වඩාත් වැදගත් යටිතල පහසුකම් සපයනු ඇති බවයි.

විදේශ අමාත්‍ය අලි සබ්රි, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජූලි චුන්ග්, ප්‍රධාන විධායක නිලධාරී නේතන් සමඟ මෙම මූල්‍යකරණය ලබාදීම ප්‍රකාශයට පත් කිරීමේ උත්සවයට එක් වී සිටියා.