කොළඹ නගරය ආශ්‍රිතව මාස තුනක ඩෙංගු මර්දන වැඩසටහනක් කොළඹ මහ නගර සභාව විසින් ආරම්භ කර තිබෙනවා.
එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ සඳහා අවශ්‍ය සහයෝගය දක්වන ලෙසයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ කොළඹ ප්‍රදේශයේ නිවැසියන් විසින් ඉතාම හොඳින් මදුරුවන් බෝ නොවන ආකාරයට සිය පරිශ්‍රය පවත්වා ගෙන යන බවට දැකිය හැකි බවයි.
කෙසේවෙතත් ඉදිකිරීම් ස්ථාන, පාසල්, රජයේ ගොඩනැගිලි, රජයේ කාර්යාල, පෞද්ගලික කාර්යාල සහ ආගමික ස්ථානවල විශාල ලෙස ඩෙංගු බෝවෙන ස්ථාන හඳුනා ගෙන ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

