අස්වැසුම සුබසාධක වැඩසටහනේ රාජකාරි සඳහා සහාය දැක්වීමට ප්‍රදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය එකඟතාවය පළ කර තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවකදී පැමිණි එකගතාවයකට අනුව මෙම තීරණය ගත් බවයි සුබසාධන ප්රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා සඳහන් කළේ.
එසේම මෙම වැඩසටහන විධිමත්ව ඉදිරියට ගෙන යාම සඳහා ග්‍රාමීය මට්ටමින් නිශ්චිත නිලධාරියෙකු පත් කිරීමට ද මෙහිදී එකඟතාවය පළ වී ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම සාකච්ඡාව අතරතුර දී අස්වැසුම සුබසාධක වැඩසටහනේ පවතින තාක්ෂණික ගැටලු කඩිනමින් විසඳාගැනීම සම්බන්ධයෙන්ද අවධානය යොමුව වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
සංක්‍රාන්තික, අවදානමට ලක්වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ අස්වැසුම සුබසාධන ප්රතිලාභ ගෙවීම සිදුකිරීමට නියමිත යි.

