ඊයේ දිනයේ ශ්‍රී ලංකාව සමඟ පැවති තරඟය අතරතුර දී ඇති ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායමේ නායක ෂකීබ් අල් හසන්ට මෙවර ලෝක කුසලානයේ ඉදිරි තරඟය අහිමි වී තිබෙනවා.
සිදු කළ X-ray පරීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ ඔහුගේ වම් අතේ මාපට ඇඟිල්ලේ අස්ථි බිඳීමක් සිදු වී ඇති බවයි.
මේ හේතුවෙන් එළැඹෙන 11 වැනිදා ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන තරගය සඳහා ඔහුට සහභාවී වීමට නොහැකි බවයි වාර්තා වෙන්නේ.
ශකීබ් පන්දු 65කදී හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමඟින් ජයග්‍රාහී ලකුණු 82ක් රැස්කරමින් ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගනු ලැබුවා.

