ඊශ්‍රායලය කෘෂිකර්මය සංවර්ධනය කිරීම වෙනුවෙන් ලංකාවෙන් ගොවි කම්කරුවන් 10,000 ක් වහාම බඳවා ගැනීම සඳහා දෙරට අතර ගිවිසුමක් අත්සන් කර තිබෙන බව වාර්තා වෙනවා.
ඊශ්‍රායලයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Moshe Arbel සහ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාරනායක මහතා විසින් ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.
ඒ අනුව ඉදිරි සතිවලදී මේ සඳහා ශ්‍රී ලංකික පිරිස් යැවීමට නියමිතයි.
ඊශ්‍රායලයේ දැනටමත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 4,500ක් සේවයේ යෙදී සිටින අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ගෘහ ආරක්ෂණ අංශයේ සේවය කරනු ලබනවා.
හමාස් සංවිධානය අතර පවතින යුද්ධය හේතුවෙන් ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්තයට විශාල වශයෙන් හානි සිදු වී ඇති අතර එරට කෘෂිකර්මාන්තයේ නියත වී සිටි බොහෝ විදේශිකයෝ ඊශ්‍රායලයෙන් පලා ගොස් තිබෙනවා.

