ගාසා හි මරණ දසදහස ඉක්මවයි

ගාසා තීරයේ හමාස් පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මේ වන විට ඊශ්‍රායලය විසින් සිදු කරන ලද ප්‍රහාර වලින් ගාසා තීරයේ පුද්ගලයන් 10,000 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි.

එලෙස මියගිය අයගෙන් 4,000 කට වැඩි පිරිසක් ළමුන් බවයි අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

කෙසේවෙතත් මෙම සංඛ්‍යාලේඛනවල නිරවද්‍යතාවය සම්බන්ධයෙන් ඇමරිකානු ජනපති ජෝ බයිඩන් ප්‍රශ්න කර ඇති අතර ඊශ්‍රායල හමුදා ද පවසා ඇත්තේ ත්‍රස්තවාදීන් විසින් ලබා දෙන ඕනෑම තොරතුරක් දෙස පරික්ෂාකරිව බැලිය යුතු බවයි.

ගාසා නගරයේ අල්-ෂිෆා රෝහලේ අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන්නේ මිනිසුන් මළ සිරුරු රැගෙන යාමට බූරුවන් සහ ඔවුන්ගේම මෝටර් රථ භාවිතා කරන බවත්, සන්නිවේදන විසන්ධි වී ඇති නිසා ගිලන්රථ සේවා වෙත ළඟා වීමට නොහැකි බවත් ය.