සමස්ත රාජ්ය සේවය විවෘත හා වගකීම් සහිත තත්ත්වයකට පත්කිරීමේ අරමුණින් මාර්ගෝපදේශ යෝජනාවලියක් සකස් කිරීම සඳහා අනුකමිටුවක් පත් කර තිබෙනවා.
විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මෙම කමිටුව පත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙහි පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ඇතුළු සාමාජිකයින් 21 දෙනෙකුගෙන් ඇතුලත් වී සිටින අතර පාර්ලිමේන්තු මන්ත්රී උදයන කිරිඳිගොඩ එහි සභාපතිවරයා ලෙස කටයුතු කරනු ඇත.

