Musk ගේ Grok Chatbot එළි දැක්වෙයි

Tesla හි ප්‍රධාන විධායක නිලධාරී Elon Musk විසින් ChatGPT, Google Bard සඳහා තරඟකරුවෙකු ලෙස නව AI Chatbot එකක් වන Grok හඳුන්වා දී තිබෙනවා.

දැනට Grok හි Beta Version එකක් ඇමරිකාවේ සීමිත පරිශීලකයින් සංඛ්‍යාවක් වෙත ලබා දී ඇති අතර Musk සඳහන් කරන්නේ මෙහි මුලික අදියරය පවා එය ChatGPT 3.5 අභිබවා යෑමට සමත් බවයි.

Grok යනු Robert A. Heinlein ගේ 1961 විද්‍යා ප්‍රබන්ධ “Stranger in a Strange Land” හි ආරම්භ වූ යෙදුමකි. එහි “යමක් ඔබගේ කොටසක් බවට පත්වන තරමට හොඳින් ගැනීම” හෝ “ගැඹුරු ලෙස සහ අවබෝධාත්මකව තේරුම් ගැනීම” යන ගැඹුරු තේරුමක් ඇති බවයි දැක්වෙන්නේ.

පරිශීලකයන්ට කාලීන සහ නිවැරදි තොරතුරු ලබා දීමේ අදහසින් Musk විසින් තමන්ගේම AI මෙවලමක් සැකසීමට දිගු කාලයක සිට සැලසුම් කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ X-AI සමාගම විසින් Grok හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව Grok විසින් වඩාත් නිවැරදි තොරතුරු පරිශීලකයන් වෙත ලබා දෙන අතර ඔවුන් අසන ප්‍රශ්න වලට තරමක හාස්‍ය ද කැටි කොට පිළිතුරු ලබා දීම මෙහි විශේෂත්වයක් ලෙස දක්වා තිබෙනවා.