යුක්රේනයට අවධානය අහිමි වීම ගැන සෙලෙන්ස්කි කනගාටුවෙන්

පවතින ඊශ්‍රායල පලස්තීන ගැටුම හේතුවෙන් යුක්රේනය සම්බන්ධයෙන් අඩු අවධානයක් යොමු වීම කෙරෙහි යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි සිය කනගාටුව ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු පවසන්නේ මෙලෙස අවධානය අහිමි වීම රුසියාවට වාසිදාගත වන බවයි.

එසේම යම් මාධ්‍ය විසින් යුක්රේනයේ ප්‍රතිප්‍රහාර දුර්වල වෙමින් යන බවක් වාර්තා කළ ද තවමත් රුසියානු ප්‍රහාර වලට සාර්ථක ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සිය හමුදා සමත් බවයි සෙලෙන්ස්කි අවධාරණය කරන්නේ.

කෙසේවෙටහ්ත් රුසියාව සතුව වඩාත් දියුණු ගුවන් හමුදාවක් ඇති බැවින් ඔවුන්ගේ ප්‍රහාර වලට මුහුණ දීම සඳහා ඇමරිකාවේ නිෂ්පාදිත F-16 යුධ ගුවන් යානා සහ ගුවන් යානා නාශක ආරක්ෂක වැනි දියුණු ආයුධවල අවශ්‍යතාවයක් පවතින බව ඔහු පෙන්වා දෙනවා.