චන්ද්‍රිකා නැවතත් ක්‍රියාකාරී දේශපාලනයට

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ නැවතත් ක්‍රියාකාරී ලෙස දේශපාලන කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.

ඇයට නිදහස් පක්ෂයේ තනතුරක් සහ වගකීම් ද දිය යුතු බවට කුමාරතුංග මහත්මියගේ පක්ෂයෙන් යෝජනාවක් ද ඉදිරිපත් වී ඇති බවයි වාර්තා වෙන්නේ.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ ද සාකච්ඡා කර ඇති බවත්, එහි දී යහපත් ප්‍රතිචාර ඒ සඳහා යොමු වූ ඇති බවත් ය.

ඒ අනුව කුමාරතුංග මහත්මිය හා අදාළ කටයුතු සාකච්ඡා කිරීම සඳහා මෛත්‍රී විසින් පක්ෂයේ ජේෂ්ඨයන් 05 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ද පත් කර තිබෙනවා.