ක්‍රිකට් ආයතනයේ ලේකම් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) ලේකම් මොහාන් ද සිල්වා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබෙනවා.

දිගින් දිගටම සිදු වන තරග පරාජයන් හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හා බලධාරීන්ට විරුද්ධ ව පාර්ශ්ව කිහිපයකින්ම මේ වන විට විවේචන එල්ල වෙමින් පවතින අවස්ථාවකයි ඔහු මෙලෙස ඉල්ලා අස් වී ඇත්තේ.

ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දියාව හමුවේ ලැබූ දැවැන්ත පරාජයත් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබුණේ බලධාරීන් ඉල්ලා අස් නොවන්නේ නම්, දැඩි තීරණ ගැනීමට ද සූදානම් බවයි.

මේ අතර වත්මන් ක්‍රිකට් පරිපාලනයට විරෝධය පළ කරමින් පාර්ශ්ව කිහිපයක් අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වී තිබෙන බව වාර්තා වෙනවා.