තෙවන වරයට අදාළ පාසල් කාලසටහන නිකුත් කරයි

2023 අධ්‍යන වර්ෂයේ තෙවැනි පාසල් වාරයේ පළමු අදියර දෙසැම්බර් මස 22 වැනි දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

එහි දෙවැනි අදියර පෙබරවාරි මස 02 වැනි දින ආරම්භ වීමට නියමිතයි.

තෙවන වාරයේ පළමු අදියරය අවසන් වූ පසු, 2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2024 ජනවාරි මස 04 වැනි දින සිට පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වසරට අදාළ තෙවැනි පාසල් වාරයේ පළමු අදියර නොවැම්බර් මස 01 වැනිදා ආරම්භ විය.