නේපාලයේ දරුණු භූ කම්පනයක්

නේපාල වේලාවෙන් රාත්‍රී 11:47 ට පමණ බටහිර නේපාලයේ රික්ටර් මාපකයේ 5.6 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරන්නේ මෙම භූ කම්පනයක් පෘථිවි පෘෂ්ටයට ආසන්නයට වන්නට නොගැඹුරු කම්පනයක් ලෙස සිදුව ඇති බවයි.

මෙම කම්පනය නේපාලයේ කත්මණ්ඩු අගනුවරට සහ අසල්වැසි ඉන්දියාවේ නගර කිහිපයකට ද දැනී තිබෙනවා.

පළමු කම්පනයෙන් පැයක් ඇතුළත තවත් පසුකම්පන තුනක් දැනී ඇති අතර, බොහෝ ගොඩනැගිලි සහ නිවාස විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එසේම කම්පනය හේතුවෙන් පුද්ගලයන් 100කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වී ඇති බවත්, තවත් 100කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් නේපාල ආරංචි මාර්ග සඳහන් කරනවා.

නේපාලය පිහිටා ඇත්තේ හිමාලය ආශ්‍රිතව වන අතර එය භූ කම්පන බහුලව සිදුවන ප්‍රදේශයකි.