ගාසා නගරයේ විශාලතම රෝහල වන Al-Shifa ආසන්නයේ සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇති බව ගාසා තීරයේ සෞඛ්‍ය අංශ පවසනවා.
හමාස් ක්‍රියාකාරීන් විසින් භාවිතා කරන ලද ගිලන් රථයකට, ගුවන් යානයක් ආධාරයෙන් මෙම ප්‍රහාරය එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව විසින් තහවුරු කර තිබෙනවා.
ප්‍රහාරයෙන් හමාස් සටන්කාමීන් පිරිසක් ද මිය ගොස් ඇති අතර ඊශ්‍රායලය චෝදනා කරන්නේ මෙම ගිලන් රථ හරහා ඔවුන් ආයුධ හුවමාරු කර ගන්නා බවයි.
එසේම තවමත් ගාසා තීරයේ උතුරු කොටසේ සිටින සිවිල් වැසියන්ට එහි දකුණු ප්‍රදේශයට කඩිනමින් ගමන් කරන ලෙසට නැවත වතාවක් ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් අවධාරණය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හමාස් ප්‍රකාශයක් පැවසුවේ ඊශ්‍රායල හමුදා විසින් ගාසා නගරයේ අල්-ෂිෆා රෝහලේ සිට දකුණේ රෆා දෙසට තුවාලකරුවන් ප්‍රවාහනය කරමින් සිටි ගිලන් රථ පෙළක් ඉලක්ක කරමින් මෙම ප්‍රහාරය දියත් කළ බවයි.

