අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල ඉහළ දැමීමට සමාගම පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 95කින් ඉහළ දැමෙන අතර එහි නව මිල රුපියල් 3,565ක් වනවා.
කිලෝග්‍රෑම් 05ක ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 38කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1.431කි.
කිලෝග්‍රෑම් 2.3ක ලිට්රෝ ගෑස් සිලින්ඩරය ද රුපියල් 18කින් ඉහළ දැමෙන අතර, එහි නව මිල රුපියල් 668ක් වනවා.

