හෙට කොළඹට පැය 10ක ජල කප්පාදුවක්

හෙට දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා.

ඒ අනුව හෙට පස්වරු 7 සිට පසුදින, එනම් නොවැම්බර් 05වන ඉරිදා දින පෙරවරු 5. 00 දක්වා පැය 10ක කාලයක් සඳහා කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකරන බවයි මණ්ඩලය පවසන්නේ.

මේ හේතුවෙන් ජල පරිභෝගිකයින්ට සිදුවන අපහසුතාවය පිළිබඳව මණ්ඩලය සිය කණගාටුව පළ කරන අතර, අවශ්‍යතා පරිදි ජලය රැස්කර තබාගන්නා ලෙස ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම්දෙයි