මැතිවරණ නීති සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සහ මාධ්‍ය භාවිතය, දේශපාලන පක්ෂ ලියාපදිංචිය ඇතුළු කරුණු කිහිපයක් විමර්ශනය සහ පරීක්ෂා කර වාර්තා කිරම සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාවට තවත් කොමසාරිස්වරයෙකු පත් කර තිබෙනවා.
ඒ අනුව නව කොමසාරිස්වරයා ලෙස කාමයිල් වියර් ඩේවිඩ් මහතා පත් කරමින් ඊයේ දිනයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අදාළ කොමිෂන් සභාව විශ්‍රාමික අගවිනිසුරු, ජනාධිපති නීතිඥ ප්‍රියසාද් ඩෙප් මහතාගේ සභාපතීත්තවයෙන් යුතුව පසුගිය ඔක්තොම්බර් 16 වනදා පත් කරනු ලැබුවා.
මැතිවරණය සම්බන්ධයෙන් කරුණු රැසක් පිළිබඳ සොයාබැලීම සඳහා එම කොමිසමට පැවරී තිබු අතර ඊයේ නිකුත් කළ නව ගැසට් නිවේදනය මගින් කොමිෂන් සභාවේ විෂය ක්ෂේත්රය තවදුරටත් පුළුල් කර තිබෙනවා.
අදාළ ගැසට් නිවේදනය පහතින්,





