ඊශ්‍රායලය ගාසා තීරය සම්පූර්ණයෙන් වටලයි

මේ වන විට සිය හමුදා විසින් ගාසා තීරය සම්පූර්ණයෙන්ම වටලා අවසන් බව ඊශ්‍රායලය පවසනවා.

ඔවුන් සඳහන් කරන්නේ හමාස් සංවිධානයේ මුරපොලවල්, මූලස්ථාන සහ අනෙකුත් යටිතල පහසුකම් ඉලක්ක කරමින්, හැකිතාක් සිවිල් මරණ සංඛ්‍යාව අවම වන සේ ප්‍රහාර එල්ල කරන බවයි.

කෙසේවෙතත් ඊයේ ගාසා තීරයේ වූ පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් නිවාස හතරකට හානි සිදුව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

ඊශ්‍රායල ප්‍රහාර ආරම්භ වූ පසුගිය ඔක්තෝම්බර් 7 වන දා සිට මේ දක්වා කාලය තුළ ගාසා තීරයේ පුද්ගලයන් 9,000ක් පමණ ජිවිතක්ෂයට පත් වී ඇති බවයි පලස්තීන සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

මේ අතර පලස්තීනය වෙනුවෙන් ලොව පුරා තවදුරටත් උද්ඝෝෂණ ආදිය පැවැත්වෙනු ලබනවා. මේ පහතින් දැක්වෙන්නේ එලෙස රටවල් කිහිපයක පවත්වන ලද උද්ඝෝෂණයි.

ප්‍රංශය

A crowd holding signs and Palestinian flags by a monument

කොරියාවA crowd holding signs and Palestinian flags by a monument

 

ස්විට්සර්ලන්තය