පසුගිය ඔක්තෝබර් මාසයේ දී ශ්රී ලංකා රේගුව ඉපැයූ ආදායම රුපියල් බිලියන109 ලෙස වාර්තාගත අගයක් සටහන් කර තිබෙනවා.
මෙය රේගුව මසක් තුළ මෙතෙක් ඉපැයූ ඉහළම ආදායම වන බවයි රේගු අධ්යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පවසන්නේ..
බදු රැස්කිරීමේ ක්රියාවලිය විධිමත් හා කාර්යක්ෂම කිරීම මෙලෙස ආදායම ඉහළ නැංවීමට ප්රධාන හේතුව වී ඇති බවයි ඒ මහතා සඳහන් කරන්නේ.
එසේම 2023 වසර අවසාන වන විට සමස්ත රේගු ආදායම බිලියන 925 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරනවා.

