අස්වැසුම ගෙවීම් අද සිට

අගෝස්තු මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම අද සිට ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කරනවා.

මේ වන විට අස්වැසුම සමාජ සුබ සාධන වැඩපිළිවෙල යටතේ ප්‍රතිලාභීන් දහතුන් ලක්ෂ හැටපන්දහසකට, රුපියල් බිලියන 8.5 ක මුදලක් ලබා දී තිබෙනවා.

එසේම මේ වසරට අදාළ ජූලි සිට දෙසැම්බර් මාසය දක්වා වන ගෙවීම්, මේ වසර අවසාන වීමට පෙර ලබා දීමට කටයුතු කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ පවතින ගැටලු විසදීම සඳහා අස්වැසුම සතියක් මේ මස 06 වනදා සිට 11 වනදා දක්වා ක්‍රියාත්මකයි.