ඊයේ දිනයේ සිදු කෙරෙනු ඉන්ධන මිල සංශෝධනය හරහා ඩීසල් මිල ඉහළ ගිය ද බස් ගාස්තුවේ වැඩි වීමක් සිදු කිරීමක් සිදු නොවන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් ප්රකාශ කරනවා.
කෙසේවෙතත් ඉදිරියේ දී යළිත් ඩීසල් මිල වැඩි කළහොත් බස් ගාස්තු ද වැඩි කිරීමට සිදු වන බවයි ප්රධාන ලේකම් අංජන ප්රියන්ජිත් කියා සිටියේ.
එසේම ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ද සඳහන් කර තිබෙන්නේ බස් හිමියන් සහ ගමනාගමන කොමිෂන් සභාව එළඹ ඇති එකගතාවයන්ට අනුව මේ අවස්ථාවේ ගාස්තු සංශෝධනයක් සිදු කළ නොහැකි බවයි
මේ අතර පෙට්රල් මිල අඩු වුණත් ත්රිරෝද රථ ගාස්තුවේ වෙනසක් සිදු නොකරන බව ත්රිරෝද රථ සංගම් ප්රකාශ කර තිබෙනවා.

