ගාසා තීරයේ දුරකථන සහ අන්තර්ජාල සම්බන්ධතා සෙමෙන් සෙමෙන් යථා තත්ත්වයට පත් වෙමින් පවතින බව එහි ප්‍රධාන විදුලි සංදේශ සමාගම වන Paltel තහවුරු කර තිබෙනවා.
සිකුරාදා ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පසු ගාසා තීරයේ පැය 36කට ආසන්න කාලයක් මුළුමනින්ම සන්නිවේදන කටයුතු බිඳ වැටි තිබුණා.
මේ අතර Elon Musk ප්‍රකාශ කර තිබෙන්නේ Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ගාසා තීරයේ සන්නිවේදන සම්බන්ධතා සඳහා ලබා දීමට හැකි බවයි.
ඔහු ගේ මෙම තීරණය සම්බන්ධයෙන් අදහස දක්වමින් ඊශ්‍රායල සන්නිවේදන අමාත්‍ය Shlomo Karhi අනතුරු අඟවා තිබෙන්නේ යම් හෙයකින් Musk එම පහසුකම ලබා දුන්නොත්, එය හමාස් ත්රස්තවාදීන් විසින් සිය අවශ්‍යතා සඳහා භාවිතා කරනු ඇති බවයි.
ඊයේ ඊශ්‍රායලය විසින් West Bank ප්‍රදේශයට එල්ල කරන ලද ප්‍රහාර හමුවේ පලස්තීන වැසියන් තිදෙනෙක් ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.
එත් සමඟම ප්‍රහාර වලින් මිය ගිය පලස්තීන වැසියන්ගේ සංඛ්‍යාව 8,000 ඉක්මවන බවයි ගාසා තීරයේ සෞඛ්‍ය අංශ වාර්තා කරන්නේ.

