දේපළ සඳහා නව බද්දක්

2025 වර්ෂයේ සිට නව දේපළ බද්දක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අවධාරණය කරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශවලට අනුව අදාළ බද්ද හඳුන්වාදීම සඳහා සැලසුම් සකස් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ

ඒ අනුව විශාල වශයෙන් දේපොළ පවතින පුද්ගලයින්ගෙන් එම බද්ද අය කරනු ඇත.