සුළු වර්ෂාවකටත් යටවෙන කොළඹ ස්ථාන 20ක්

සුළු වර්ෂාවකටත් යටවෙන කොළඹ ස්ථාන 20ක් හඳුනාගෙන ඇති බව කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය ප්‍රකාශ කරනවා.

එම ප්‍රදේශ ආශ්‍රිත ගංවතුර තත්ත්වයන් පාලනය කිරීම සඳහා කෙටිකාලින සහ දිගුකාලීන ප්‍රයෝගික වැඩපිළිවෙලක් මේ වන විටත් ආරම්භ කර ඇති බවයි ඇය සඳහන් කරන්නේ.

කොළඹ ආමර් වීදිය, ඩීන්ස් පාර, මල් පාර, තුම්මුල්ල, පිටකොටුව මල්වත්ත,වෝඩ් පෙදෙස,ඇතුළු පහත් බිම් 20ක් කෙරෙහි මෙහි දී අවධානය යොමු කර තිබෙනවා.

මේ සඳහා පහත් බිම් සංවර්ධන මණ්ඩලය සමග සාකච්ඡා පවත්වා ඇති අතර, අදාළ ජලයෙන් යටවන ස්ථානවල පිහිටි නිවාසවල ජනතාව ඉවත් කර ඔවුන්ට නව නිවාස ලබා දීම සඳහා නාගරික සංවර්ධණ අධිකාරිය සමග ද සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.