HIV හඳුනා ගැනීමට විශේෂ සායන මාලාවක්

ලබන දෙසැම්බර් මස 1 වනදාට යෙදෙන ලෝක ඒඩ්ස් දින සැමරුම නිමිත්තෙන් HIV හඳුනාගැනීමේ විශේෂ සායන මාලාවක් දිවයින පුරා ආරම්භ කර තිබෙනවා.

ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ කියා සිටියේ සායන 25 කදී මෙම පරීක්ෂණය පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය සුරකින පරිදි නොමිලයේ සිදු කර ගත හැකි බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 0112 696 433 අංකය ඇමතීමෙන් ලබාගත හැක.