හිටපු චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැන්ග් (Li Keqiang) හෘදයාබාධයක් ඇති වීම හේතුවෙන් අද අලුයම මරණයට පත් වී තිබෙනවා.
පුහුණු ආර්ථික විද්‍යාඥයෙකු වන ඔහු චීනයේ 2013 සිට මිය යන තෙක්ම චීන කොමියුනිස්ට් පක්ෂයේ දෙවැනි බලවත්ම පුද්ගලයා ලෙස කටයුතු කළේය.
දේශපාලන විචාරකයන් පවසන්නේ Li ප්‍රායෝගික නායකයෙකු වන අතර ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් දිරිමත් කරමින් විශාල සේවයක් සිදු කළ බවයි.
මිය යන විට ඔහු 68 වන වියෙහි පසු විය.

