මේ වසරේ ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 925ක බදු ආදායම් රැස්කිරීමට අපේක්ෂා කරන බව රේගු අධ්යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා ප්‍රකාශ කරනවා.
ඔහු සඳහන් කළේ රේගුව 2017 සිට 2023 දක්වා බිලියන 742ක ආදායමක් ලබා ඇති අතර ආදායම් රැස්කිරීමේ ප්‍රතිශතය අනුව ලබන දෙසැම්බර් මාසය වනවිට රුපියල් බිලියන 925ක ආදායමක් රැස් කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.
එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකා රේගුව සම්බන්ධයෙන් නිර්දේශ 05ක් ඉදිරිපත් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

