රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 අධ්‍යන වර්ෂයේ දෙවන පාසල් වාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ අදාළ සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් සඳහා දෙවන පාසල් වාරය හෙට දිනයෙන් අවසන් වන බවයි.
එසේම 2023 අධ්‍යන වර්ෂයේ තෙවන වාරයේ පළමු අදියරය ලබන නොවැම්බර් 01 වන බදාදා දින ආරම්භ කිරීමට නියමිත යි.

