ඊයේ රාත්‍රියේ හමාස් සටන්කාමීන් සිටින ස්ථාන ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරය තුළ ගොඩබිම් ප්‍රහාරයක් දියත් කර තිබෙනවා.
උතුරු ගාසා තීරයේ වූ ප්‍රදේශ වලට මෙම ප්‍රහාර සිදු කර ඇති අතර ඊශ්‍රායල හමුදා පවසන්නේ එය මෙතෙක් දියත් කරන ලද දැවැන්තම ප්‍රහාර වලින් එකක් බවයි.
මෙම මෙහෙයුමේ දී හමාස් සටන්කාමීන් විශාල ප්‍රමාණයක් මරා දැමූ බවත් ඔවුන්ට භාවිතා කළ හැකි යටිතල පහසුකම් සැලකිය යුතු ප්‍රමාණයකට හානි කළ බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.
පසුගිය ඔක්තෝම්බර් 7 වන දා සිට ඊශ්‍රායල හමුදා විසින් එල්ල කරන ලද ප්‍රහාර වලින් ගාසා තීරයේ පලස්තීන ජාතිකයන් 6,546ක් මිය ගොස් ඇති බව පලස්තීන සෞඛ්‍ය අංශ වාර්තා කරනවා.



