වන අලි 400ක් මරුට

2023 වසරේ මේ දක්වා කාලය තුළ පමණක් වන අලි 400ක් පමණ මියගොස් ඇතැයි වනජීවි දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

ඒ අතරින් අලින් 200ක් පමණ අලි මිනිස් ගැටුම හේතුවෙන් මිය ගොස් ඇති බවයි වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා සඳහන් කළ.

වෙඩි තැබීම්, රිය අනතුරුවලින් මෙන්ම විවිධ රෝගවලට ගොදුරු වීමෙන් ද වන අලි මිය ගොස් තිබෙනවා.

මෙරට අලි ගහනය 6000ක් පමණ වන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.