හමාස් සටන්කාමින් තවත් ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙක් නිදහස් කරයි

හමාස් සටන්කාමින් විසින් රඳවා ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් අතරින් තවත් දෙදෙනෙක් නිදහස් කිරීම ඔවුන් ඊයේ සිදු කර තිබෙනවා.

එලෙස නිදහස් කර ඇත්තේ ඊශ්‍රායල ජාතික කාන්තාවන් දෙදෙනෙක් වන Nurit Cooper සහ Yocheved Lifshitz යන දෙදෙනායි.

මොවුන් දෙදෙනාගේම ස්වාමිපුරුෂන් තවමත් සටන්කාමින් භාරයේ සිටින අතර තවත් 222ක් පමණ පිරිසක් ද ඔවුන් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා සිටින බවයි ඊශ්‍රායල ආරක්ෂක අංශ සඳහන් කරන්නේ.

හමාස් සටන්කාමී ප්‍රකාශ කළේ මෙම ප්‍රාණ ඇපකරුවන් ගාසා තීරයේ ආරක්ෂිත ස්ථානවල සහ උමං මාර්ගවල සඟවා සිටින බවයි.

දැනට හමාස් සටන්කාමින් විසින් නිදහස් කරන ලද මුළු ප්‍රාණ ඇපකරුවන් ගණන හතරකි.