හදිසි ඖෂධ මිල දී ගැනීම් අතර දූෂණ රැසක්

රුපියල් 400ක් පමණ වටිනා ඇතැම් ඖෂධ හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගෙන ඇත්තේ රුපියල් 4,000කට පමණ බව වෛද්‍ය සැපයුම් සහ මිලදී ගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ පාර්ලිමේන්තු අනුකමිටුව විසින් අනාවරණය කර ගෙන තිබෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙම රුපියල් 400ක් පමණ වටිනා ඖෂධ, රුපියල් 1,950 සිට 4,000 දක්වා මිල ගණන් යටතේ විවිධ මිල ගණන්වලට විටින් විට මිලදී ගෙන ඇති බවයි.

2019 සිට 2022 අතර කාලය තුළ හදිසි මිලදී ගැනීම් 286ක් සිදුවී ඇති අතර ඒ සියල්ලම දූෂිත ගනුදෙනු බවට මෙහි දී වාර්තා වී තිබෙනවා.

එසේම සෞඛ්‍ය අමාත්‍යංශය සතුව වාර්ෂිකව ටෙන්ඩර් 10,000කට ආසන්න ප්‍රමාණයක් ඇති බවත් ඉන් බහුතර ගනුදෙනු ප්‍රමාණයක් දූෂිත බවත් එම කමිටුවේදී හෙළිවී ඇත.

මේ සම්බන්ධයෙන් සකසන ලද පූර්ණ වාර්තාවක් මෙම අනුකමිටුව පත්කළ පාර්ලිමේන්තු මුදල් කාරක සභාව වෙත ලබාදීමට නියමිතයි.